රෂිකා හෙන්නායක ජූනි 25, කොළඹ LNW :
2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රබල දකුණු කොරියාව පරාජය කරමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට දෙවන වටයට සුදුසුකම් ලබයි.
මූලික වටයේ පළමු තරගය පරාජය වී සිටි දකුණු අප්‍රිකාව, තීරණාත්මක තරගයකදී ගෝල 1-0 ක් ලෙස ජයග්‍රහණය කරමින් මෙම සුවිශේෂී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.
තරගයේ 63 වන මිනිත්තුවේදී තැපෙලෝ මසෙකෝ ලබාගත් ගෝලය ඔවුන්ගේ මෙම ඓතිහාසික ගමනට මාවත විවර කළේය.
සුපිරි ක්‍රීඩක සන් හියුන්ග්-මින් පිටියට පිවිසෙමින් දකුණු කොරියාවට ජයග්‍රහණය ලබා දීමට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත. දකුණු අප්‍රිකාව දැන් සිය මීළඟ අභියෝගය ලෙස ලොස් ඇන්ජලීස්හිදී කැනඩාව සමඟ තරග වැදීමට සූදානමින් සිටී. මෙම ජයග්‍රහණය දකුණු අප්‍රිකානු පාපන්දු ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.


