පාඩු ලබන සත්ව ගොවිපල 06 පෞද්ගලික අංශයට

Date:

ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන මහා පරිමාණ සත්ව ගොවිපල 06 ක් පෞද්ගලික අංශය වෙත ලබාදීමට තීරණය කර තිබෙනවා. දිගුකාලීන බදු පදනම යටතේ මෙම ගොවිපල ලබාදෙන අතර ඒ සඳහා මේ වනවිටත් ටෙන්ඩර් කැඳවා තිබේ.

අක්කර 1133 කින් සමන්විත නුවරඑළිය බෝපත් තලාව ගොවිපල, අක්කර 500 කින් සමන්විත පුත්තල කොට්ටුකට්ටිය ගොවිපල, අක්කර 1054 කින් සමන්විත කුරුණෑගල නිකවැරටිය ගොවිපල, අක්කර 1477 කින් සමන්විත අනුරාධපුර ඔයාමඩුව ගොවිපල, අක්කර 1632 කින් සමන්විත අනුරාධපුර පරසන්ගස්වැව ගොවිපල සහ අක්කර 472 කින් සමන්විත හම්බන්තොට වීරවිල ගොවිපල මෙසේ පෞද්ගලික අංශයට ලබාදීමට තෝරාගෙන තිබේ.

මෙරට සත්ව පාලනය සහ දියර කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහාත් රටට අවශ්‍ය අභිජනන සතුන්, කිරි, මස්, කෘෂිකාර්මික බෝග වගාව වෙනුවෙන් මහාපරිමාණ ගොවිපල සංවර්ධනය කිරීම සඳහාත් මෙම පියවර ගන්නා බවයි ජාතික පශු සම්පත් මණ්ඩලය පවසන්නේ.

පෞද්ගලික අංශයේ මැදිහත්වීම හරහා දැනට භාවිතා කරන පැරණි තාක්ෂණය වෙනුවට නවීන තාක්ෂණය හඳුන්වා දීමද සිදුවනු ඇති බව එම මණ්ඩලය පෙන්වා දෙනවා.

දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ටද මෙම ගොවිපල දිගුකාලීන බදු පදනම මත ලබාගත හැකිය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...