වෙනිසියුලාවේ භූමිකම්පාව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 235 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඊයෙ(25) දිනයේදී වෙනිසියුලාවට බලපෑ රික්ටර් පරිමාණයේ 7.2 ක හා 7.5 ක ප්‍රබල භූ කම්පන දෙකක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 235 දෙනෙකු මිය ගොස් 1,500 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙ.

තවත් බොහෝ අය මිය ගොස් ඇති බවට විශ්වාස කරන අතර කැරකස් සහ ඒ අසල පිහිටි වෙරළබඩ නගරයක් වන ලා ගුයිරා හි, කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර තවමත් ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කේ‍රෙ. කැරකස් නගරයට ආසන්නයේ පිහිටි මයිකෙටියා හි වෙනිසියුලාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ බරපතල හානි හේතුවෙන් වසා දමා ඇති අතර ගලවා ගැනීමේ කටයුතු සඳහා සහාය වීමට රටවල් කිහිපයක් පොරොන්දු වී තිබේ.

එක්සත් ජනපදය ඩොලර් මිලියන 150 (£ මිලියන 113) ක ආධාර මෙවන විට පොරොන්දු වී අති අතර එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) අනුව භූමිකම්පා දෙකම නොගැඹුරු ඒවා වන අතර වෙනිසියුලාව භූ තැටි දෙකක් හමුවන ස්ථානයට ඉහළින් පිහිටා ඇති අතර භූමිකම්පා ඇති වීමට හේතුව ඒවා අතර ඇති වූ ඝර්ෂණය හදිසියේ මුදා හැරීම විය හැකි බවයි.

මේවන විට වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...