වෙනිසියුලා භූමිකම්පාව: සුන්බුන් අතර ජීවිත සෙවීමේ මෙහෙයුම

රෂිකා හෙන්නායක ජුනි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

වෙනිසියුලාවේ කරාකස් අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල සිදුවූ ප්‍රබල භූමිකම්පා දෙකක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 235 දෙනෙකු මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

දැනට වාර්තා වී ඇති අන්දමට පුද්ගලයන් 235කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර 1,500කට අධික පිරිසක් තුවාල ලබා ඇත. ලා ගුවයිරා (La Guaira) නගරයේ මහල් 10කින් යුත් හෝටලයක් ඇතුළු දැවැන්ත ගොඩනැගිලි සුන්බුන් බවට පත්වෙද්දී, සහන සේවකයින් ජීවිත බේරා ගැනීම සඳහා මාරාන්තික අරගලයක නිරත වෙමින් සිටියි.

USGS ආයතනය නිකුත් කර ඇති නවතම දත්ත වාර්තා අනුව ඔවුන් පෙන්වා දෙන්නේ මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවා යාමට 42%ක සම්භාවිතාවක් ඇති බවයි. එය 100,000 දක්වා ඉහළ යාමට පවා 33%ක ඉහළ සම්භාවිතාවක් පවතින බව ඔවුන් පෙන්වා දෙයි.

මෙම අධික මරණ සංඛ්‍යාව කෙරෙහි වැනිසියුලාවේ ගොඩනැගිලිවල පවතින ප්‍රමිතිය (Quality of buildings) සෘජුවම බලපා ඇති බව විමර්ශනවලදී හෙළි වේ. ප්‍රමිතිගත නොවන ඉදිකිරීම් සහ පැරණි ගොඩනැගිලි මෙතරම් ප්‍රබල කම්පනයකට ඔරොත්තු නොදීම මනුෂ්‍ය ඛේදවාචකයේ ප්‍රමාණය ඉහළ නංවා ඇත.

වැනිසියුලාවේ පවතින දරුණු ආර්ථික අර්බුදය (Economic crisis) හේතුවෙන් විපතේ සැබෑ ප්‍රමාණය තක්සේරු කිරීම සහ සහන සේවා සැපයීම අතිශය දුෂ්කර වී ඇති බව මාධ්‍යවේදී ලුයිස් හර්නන්ඩස් පෙන්වා දෙයි. රට පුරා පවතින විදුලිය බිඳවැටීම් සහ අන්තර්ජාල සබඳතා අඩාල වීම නිසා තොරතුරු හුවමාරුව ද අඩාළ වී ඇත.

මයිකෙටියා (Maiquetía) ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දැමීමට සිදුවීම සහ ලා ගුවයිරා හා ටුකාකාස් (Tucacas) වැනි වෙරළබඩ ප්‍රදේශවල සංචාරක හෝටල් සුන්බුන් වීම නිසා විදේශීය ආධාර කණ්ඩායම්වලට අදාළ ප්‍රදේශ කරා ළඟාවීම ද බරපතල අභියෝගයක් වී තිබේ. දැනට ගොඩනැගිලි 250කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවට තහවුරු වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...