එක්නැළිගොඩ නඩුව අදත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වෙයි – බිරිඳ සන්ධ්‍යාගෙන් ඉල්ලීමක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ නඩුව අද (26) දිනයේදීත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී විභාග විය.

අද දිනයේදී සාක්ෂිකරුවන් තිදෙනෙකුගෙන් සාක්ෂි විමසීම සිදුකරන ලද අතර නඩුව යළි ජූලි 02 වැනිදා කැඳවීමට නියෝග කළේය.

එදිනට අංක 20,21,28 සහ 101 යන සාක්ෂිකරුවන් කැඳවීමට සිතාසි නිකුත් කිරීමටද අධිකරණය නියෝග කරන ලදී.

මේ වන විට එම නඩුව මාසයකට දින තුනක් විභාග වීම සිදුවෙයි.

නඩු විභාගය අවසානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ පැවසුවේ තවදුරටත් මෙම නඩුව විභාග වීම වේගවත් වුවහොත් මේ වසරේදී මෙහි එක් අදියරක් හෝ අවසන් කරගත හැකි වන හෙයින් නඩු විභාගය වැඩිකාන ලෙස තමන් ඉල්ලා සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...