කැබිනට් තීන්දුව ආවට වැඩක් නෑ, වී ගන්න සල්ලි කෝ ? – කෘෂිකර්ම ලේකම්

Date:

වී සඳහා සහතික මිලක් නියම කරමින් ගොවීන්ගේ වී අස්වනු මිලදී ගැනීම සඳහා ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර වී මිලදී ගැනීම සඳහා මුදල් වෙන් කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබිණි.

කෙසේ නමුත් රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල මේ වනවිට සම්පූර්ණයෙන් අක්‍රිය වී ඇති බවයි ගොවීන් පවසන්නේ.

වී සඳහා රුපියල් 150 ක මිලක් අවශ්‍ය බව ගොවීන් ප්‍රකාශ කළද රජයේ සහතික මිල වූයේ රුපියල් 120 කි. කෙසේ නමුත් රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල අක්‍රිය වීමත් සමගම පෞදග්ලික අංශයේ වෙළඳුන් රුපියල් 100 කටත් වඩා අඩු මුදලකට වී අස්වනු මිලදී ගන්නා බව ගොවි සංවිධාන පෙන්වා දෙනවා.

මේ අතර කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පවසන්නේ වී අස්වනු මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණය කර ඒ සඳහා මුදල් වෙන් කිරීමටද තීරණය කළ නමුත් අදාල මුදල් කෘෂිකර්ම අමාත්‍යංශය වෙත තවමත් ලැබී නොමැති බවයි.

වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල අනුව මේ දක්වා රුපියල් මිලියන 850 ක වී මිලදීගෙන තිබෙනවා. මුදල් ණයට ගෙන එම මිලදී ගැනීම් කටයුතු සිදුකර ඇති අතර මේ වනවිට අදාල ණය පියවා ඇති බවයි ලේකම්වරයා පවසන්නේ.

කැබිනට් තීන්දුව අනුව වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 2000 ක් රාජ්‍ය බැංකුවලින් ලැබිය යුතු බවත්, අදාල මුදල් ලැබෙනු ඇතැයි තවමත් බලාපොරොත්තුවෙන් සිටින බවත් රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...