ගිනිඅවිය අස්ථානගතවීමෙන් යටියන්තොට රථවාහන ස්ථානාධිපති අත්අඩංගුවට

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW :

යටියන්තොට පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සිය රාජකාරි ගිනිඅවිය සහ උණ්ඩ අස්ථානගත වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 26 වන දින සේවය සඳහා ලබාගත් මෙම ආයුධය නැවත භාර නොදීම සම්බන්ධයෙන් සීතාවකපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් පරීක්ෂණ පවත්වා තිබේ.

ඒ අනුව අදාළ උප පොලිස් පරීක්ෂකවරයා ඊයේ (27) දින අත්අඩංගුවට ගත් අතර ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු රුවන්වැල්ල මහෙස්ත්‍රාත්වරයා හමුවට පමුණුවන බව වාර්තා සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...