නැගෙනහිර ප්‍රංශයේ සිවිල් ගුවන් අනතුරක්! අවම වශයෙන් 11 දෙනෙකු මිය යයි

ප්‍රංශයේ නැගෙනහිර ප්‍රදේශයේ සිදුවූ කුඩා ගුවන් යානා අනතුරක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු අනාවරණය කරයි.

ටොම්බ්ලේන් ගුවන් තොටුපළ ආසන්නයේදී සිදුවූ මෙම ශෝකජනක සිදුවීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බලධාරීන් තහවුරු කර ඇත.

මියගිය පිරිස අතර ගුවන් නියමුවා මෙන්ම පැරෂුට් පැනීමේ ක්‍රීඩාවේ නිරත වීමට ගිය උපදේශකයින් සහ සිසුන් පිරිසක් ද සිටින බව වාර්තා වේ.

සහන සේවා ක්‍රියාත්මක වන බැවින් එම ප්‍රදේශයට ඇතුළු වීමෙන් වළකින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීම සඳහා ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයින් අදාළ ස්ථානයට පැමිණීමට නියමිතය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...