සංක්‍රමනිකයන් ස්ථිර පදිංචිය හෝ රටින් පිටවයාම තීරණය කළයුතු බව ට්‍රමිප් පරිපාලනය කියයි

සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපදයේ ක්‍රියාත්මක වන මතභේදාත්මක සංක්‍රමනික ප්‍රතිපත්තිය යටතේ තාවකාලික ආරක්ෂිත තත්ත්වය මත එක්සත් ජනපදයේ සිටින සංක්‍රමණිකයින් ස්ථිර පදිංචිය හෝ නිවාඩු ලබා රටින් පිටව යා යුතු බව දේශ ආරක්ෂක ලේකම් මාර්ක්වේන් ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණ විසින් පසුගියදා එක්සත් ජනපදයේ නීත්‍යානුකූලව ජීවත් වෙමින් සේවය කළ සහ පිටුවහල් කිරීමෙන් ආරක්ෂා වූ ලක්ෂ සංඛ්‍යාත හයිටි ජාතිකයන් සහ සිරියානුවන්ගෙන් තාවකාලික ආරක්ෂිත තත්ත්වය (TPS) ඉවත් කරන ලදී. ඒ අනුව, ඉදිරියේදී ඔවුන් රටින් පිටුවහල් කිරීම නීත්‍යානුකූලවම සිදුකළ හැකි අතර මෙම තත්වය හයිටි ජාතිකයන් 350,000 කට සහ සිරියානු සංක්‍රමණිකයින් 6,000 කට බලපානු ඇත.

2010 දී ඇති වූ විනාශකාරී භූමිකම්පාවකින් පසු හයිටි ජාතිකයින්ට සහ 2012 දී ඔවුන්ගේ රට සිවිල් යුද්ධයකට ඇද වැටීමෙන් පසු සිරියානුවන්ට තාවකාලික ආරක්ෂිත තත්ත්වය (TPS) ප්‍රථම වරට ලබා දුන්නේ එක්සත් ජනපදයයි. මෙමගින් සංක්‍රමණිකයින්ට ඔවුන්ගේ රටවල ප්‍රචණ්ඩකාරී හෝ අස්ථාවර තත්වයන් හේතුවෙන් පිටුවහල් කිරීමේ තර්ජනයකින් තොරව එක්සත් ජනපදයේ ජීවත් වීමට සහ වැඩ කිරීමට ඉඩ සැලසිනි.


සමස්තයක් වශයෙන්, රටවල් 17 කින් පැමිණ සිටින මිලියන 1.7 ක ජනතාවකට තාවකාලික ආරක්ෂිත තත්වයක් ඇති නමුත් ට්‍රම්ප් පරිපාලනය අනෙකුත් සංක්‍රමණිකයින් සඳහා TPS ඉලක්ක කර ගත හැකි බවට ආගමන උපදේශකයින් කනස්සල්ලට පත්ව සිටි‍යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...