ග්‍රීක බැඳුම්කර නඩුව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් විසිවෙයිද?

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ග්‍රීක බැදුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට පාඩු සිදුකිරීමේ චෝදනාව මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව පවරා ඇති නඩුව ඇසීමට අධිකරණ බලයක් තිබේද යන්න සම්බන්ධයෙන් නියෝගය ජූලි මස 13 වනදා තෙක් කල් තැබීමට ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් පවරා තිබූ එම නඩුව අද (30) ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේ දී මෙම නියෝගය ලබාදී තිබේ.

2018 වසරේ දී අධිකරණ සංවිධාන සංශෝධිත පනත යටතේ පිහිටවූ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව විභාගයට ගත නොහැකි බව නීතිමය කරුණු දක්වමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා වාචිකව කරුණු දක්වා තිබුණු අතර එම කරුණුවලට අනුව ප්‍රතිවිරෝධතා අල්ලස් කොමිසම ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනුකර ඇති අතර විත්ති පාර්ශ්වය විසින් ඊට ප්‍රතිවිරෝධතා වාචිකව ගොනුකර ඇත.

ලිඛිත දේශන ජූලි 02 වනදාට පෙර ගොණුකරන ලෙසත් අධිකරණය නියෝග කර තිබේ.

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බු­ද­ය­කට ලක්ව සිටි­යදී, ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද බැඳු­ම්කර මිලදී ගැනී­මෙන් රජ­යට රුපි­යල් කෝටි 184කට අධික පාඩු­වක් කිරීමේ චෝදනාව මත අල්ලස් කොමි­සම විම­ර්ශ­න­යක් ආරම්භ කර තිබුණි.

හිටපු මහ බැංකු අධි­පති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු නියෝජ්‍ය අධි­පති ධර්ම­සේන ධීර­සිංහ, සහ­කාර අධි­ප­ති­ව­රුන් වන දොන් වසන්ත ආනන්ද සිල්වා සහ එම්.ඒ. කරු­ණා­රත්න යන අයට එහිදී චෝදනා ගොනු කෙරුණු අතර පසු­ගිය වසරේ දෙසැ­ම්බර් 10 වැනිදා හිටපු මහ බැංකු අධි­පති අජිත් නිවාඩ් කබ්රාල්, කොන්දේසි සහි­තව නිද­හස් කිරී­ම­ටත්, සෙසු විත්ති­ක­රු­වන් තුන්දෙනා කොන්දේසි රහි­තව නිද­හස් කිරී­ම­ටත් කොළඹ මහා­ධි­ක­ර­ණය නියෝග කරන ලදී.

හිටපු මහ බැංකු අධිපතිවරයා නිද­හස් කළ කොන්දේ­සිය අනුව එම ගනු­දෙ­නු­වෙන් සිදුවූ රුපි­යල් කෝටි 184කට අධික අලා­භය, මාස තුනක් තුළ ශ්‍රී ලංකා මහ බැංකු­වට බැර­කළ යුතු බවට නියෝ­ගයේ සඳ­හන්ව තිබුණු අතර එම කාල­සී­මාව පසු­ගිය මාර්තු 10 වැනි­දා­යින් අව­සන් විය.

එහෙත් එකඟ වූ කොන්දේසි සම්පූර්ණ නොකිරීම හේතු­වෙන්, යළි අධි­චෝ­දනා ගොනු කෙරෙන අතර නඩුව විභා­ග­යට ස්ථිර විශේෂ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණ යක් පත්ක­ර­න්නැයි අල්ලස් කොමි­සම අග­වි­නි­සු­රු­ව­ර­යා­ගෙන් ඉල්ලී­මක් කර තිබුණි.

ඒ අනුව අදාළ ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ස්ථාපිත කරන ලදී.

2011 වස­රේදී සිදු කළ ග්‍රීක බැඳු­ම්කර ගනු­දෙ­නු­වට අදා­ළව හිටපු මහ බැංකු අධි­පති අජිත් නිවාඩ් කබ්රාල් මහ­තාට එරෙ­හිව 2012 වසරේ ඔක්තෝ­ම්බර් මස 12 දින පාර්ලි­මේන්තු මන්ත්‍රි සුජීව සේන­සිංහ විසින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ නඩු­ක­ර­යක් ගොනු කළ අතර 2024 වසරේ අප්‍රේල් මස 03 වැනිදා අල්ලස් කොමි­සම විසින් කොළඹ මහා­ධි­ක­ර­ණය හමුවේ නඩු­ක­ර­යක්ද ගොනු කරන ලද අතර නැවත අල්ලස් කොමි­සම විසින් 2024 වසරේ අගෝස්තු මස 16 වැනිදා කොළඹ මහා­ධි­ක­ර­ණය හමුවේ නඩු­ක­ර­යක්ද පව­රන ලදි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...