කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලද ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ශ්යමිලා පෙරේරා මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීනියන් සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළ අතර සැකකාරිය ලක්ෂ දහය බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුද හැරීමට නියම කළ මහේස්ත්රාත්වරයා සැකකාරියගේ විදේශ ගමන් තහනම් කර තිබේ.
ඒ අනුව ඇයගේ විදේශ ගමන් බලපත්රය අධිකරණයට භාරදිය යුතු බවටත් මහේස්ත්රාත්වරයා මෙහිදී නියෝග කළේය.
ඇප තැබීමෙන් පසුව සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීමෙන් වළකින ලෙසත් මහේස්ත්රාත්වරයා විසින් සැකකාරියට අවවාද කළේය.


