චීනයේ සමස්ත ජයග්‍රහණයන්ට හේතුව ජනාධිපති ෂී ජින්පිං කියයි!

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105වැනි සංවත්සර සැමරුම් උත්සවයේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ කතාවක් සිදු කළා.

ගතවූ වසර 105 තුළ, චීනයේ සමස්ත ජයග්‍රහණ අත්පත් කර ගනු ලැබුවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ පාරම්පාරික සාමාජිකයන්ගේ අභිමානවත් නායකත්වයන් යටතේ සියලු ජනතාව ඉහළ කැපවීමෙන් කටයුතු කිරීම හේතුවෙන් බව ඔහු පැවසුවා.

Mao Zedong, Deng Xiaoping, Jiang Zemin, Hu Jintao ඇතුළු එකල පක්ෂ‌යේ නායකයන් චීන ජාතියේ ඉතා විශිෂ්ට පුනරුත්ථාපනය උදෙසා අප්‍රමාණ දායකත්වයක් ලබා දී ඇති බවත්, ඔවුන් වෙත අපගේ ඉහළ ගෞරවය පිරිනමන බවත් ජනාධිපතිවරයා කියාසිටියා.

ජනතාව ඉතිහාසයේ නිර්මාතෘවරුන් සහ සැබෑ වීරයන් බවත්, විවිධ ක්ෂේත්‍රයන්හි වෙහෙස මහන්සියෙන් සේවය කරන සෑම තරාතිරමක ම සමස්ත ජනතාවට තම ඉහළ ම ගෞරවය පුද කරන බවත් ෂී ජින් පිං මහතා පැවසුවා.

චීන කොමියුනිස්ට් පක්ෂය වසර 105ක අරගලය තුළ අඛණ්ඩ ව ජයග්‍රහණ අත්කර ගැනීමේ හේතුව මූලික වශයෙන් පක්ෂය සතු කැපී පෙනෙන ගුණාංග වන බවත් එය අනෙකුත් දේශපාලන පක්ෂ සහ බලවේගවලට නොමැති බවත් හෙතෙම සඳහන් කළා.

නව යුගයේ සහ නව ගමනේදී පක්ෂයේ මෙහෙවර සහ කාර්යයන් ඉටු කිරීම සඳහා, චීන කොමියුනිස්ට් පක්ෂයේ සියලුම සාමාජිකයින් තම විශ්වාසය තහවුරු කොට නව ජයග්‍රහණ අත්පත් කරගැනීමට උත්සාහ දැරිය යුතු බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...