මිරිස් කුඩු එක්ක බත් කන පාසල් දරුවන්ට ග්‍රෑම් 75 ක බත් වේලක් ඇතිද ?

Date:

අන්ත දුප්පත් පවුල්වල දරුවන්ට පමණක් නොව නාගරික මධ්‍යම පාන්තික පවුල්වල දරුවන්ටද නිසි පෝෂණයෙන් යුක්ත ආහාර වේලක් නොලැබෙන බව ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මිය පවසනවා. ඊයේ, ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ කොළඹ දිස්ත්‍රික් ඒ්කාබද්ධ කමිටුව රැස් වූ අවස්ථාවේදී ඇය මේ බව සඳහන් කළාය.

කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසලක උසස් පෙළ දරුවන් දෙදෙනෙක් කුසගින්න ඉවසා ගත නොහැකිව බුද්ධ පූජාව හොරෙන් කා ඇති බව පෙන්වා දෙන නිර්මලා ඒකනායක මහත්මිය පවසන්නේ ඇතැම් පාසල් දරුවන්ගේ ආහාර වේල මිරිස් කුඩු ඉසගත් බත් පතකට සීමා වී ඇති බවයි.

පාසල් දරුවන්ට ආහාර වේලක් ලබාදෙන්නේ නම් එය කිසිදු වෙනසක් නොමැතිව සියලු පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වියයුතු බවද කලාප අධ්‍්‍යක්ෂවරිය පෙන්වා දෙනවා.

පෝෂණ අර්බුදයට මුහුණ දී සිටින පාසල් දරුවන් වෙනුවෙන් ආහාර වේලක් ලබාදීමට මේ වනවිටත් ආණ්ඩුව තීරණය කර ඇති අතර කෙසේ නමුත් එම වැඩපිළිවෙල සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වී තිබේ.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේ ග්‍රෑම් 75 ක බත් ප්‍රමාණයක් ලබාදීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. රටේ අනාගත පරම්පරාව කුකුළන් එළුවන් ගානට දමා රටේ පාලකයන් තීන්දු තීරණ ගනිමින් සිටින බව පෙන්වා දෙන අසේල සම්පත් මහතා ප්‍රකාශ කරන්නේ, ආහාර වේලක් ලබා දෙනවා නම් එහි අඩංගු පෝෂණය පිළිබඳව මිස ප්‍රමාණය හෝ බර පිළිබඳව සැළකිලිමත් නොවිය යුතු බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...

මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...

විගණකාධිපතිනිය කථානායක ජගත් හමුවේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදෙයි

සටහන - රුවන් නෙළුගොල්ල නව විගණකාධිපති ලෙසින් තේරී පත්වූ සමුදිකා...