මිස්ටර් කොත්තු ආයතනයේ කම්කරු නීති උල්ලංඝනය පිළිබඳ පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ජූලි 02, කොළඹ LNW :

මිස්ටර් කොත්තු ආයතනයේ හිමිකරු වන විරාජ් වික්‍රමනායක සේවකයෙකුට පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් කම්කරු අමාත්‍යාංශය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවක් පදනම් කරගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති අතර, ආයතනය තුළ සිදුව ඇති මූල්‍යමය හා පරිපාලනමය අක්‍රමිකතා පිළිබඳවද සොයා බැලීමට බලධාරීන් තීරණය කර තිබේ.

විශේෂයෙන්ම සේවකයන්ගේ EPF සහ ETF ගෙවීම් නිසි පරිදි සිදුකර ඇත්ද යන්න සහ සේවා කොන්දේසි උල්ලංඝනය වී ඇත්ද යන්න පිළිබඳව දිවයින පුරා පිහිටි ශාඛා පරීක්ෂා කිරීමට නියමිතය.

මීට අමතරව, මෑතකදී වසා දැමූ ශාඛාවල සේවකයන්ට හිමිවිය යුතු වන්දි මුදල් ලබා දී තිබේද යන්න පිළිබඳවද දැඩි අවධානයක් යොමු කෙරේ. මෙම සම්පූර්ණ විමර්ශන වාර්තාව කඩිනමින් ලබාදෙන ලෙස කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති අතර, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය සූදානම් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...