මිලියන 220 ක් වතුරේ – මාලදිවයිනත් කොළඹට එන්න බෑ කියයි

Date:

විශාල මුදලක් වැය කරමින් නවීකරණය කර කඩිමුඩියේ විවෘත කළ කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපල මේ වනවිට කිසිදු ගුවන් යානයක් නොපැමිණෙන නමට පමණක් ජාත්‍යන්තර ගුවන් තොටුපලක් බවට පත්ව තිබෙනවා.

අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා පමණක් භාවිතා කළ රත්මලාන ගුවන් තොටපුල රුපියල් මිලියන 220 ක් වැය කරමින් නවීකරණය කර, පසුගිය මාර්තු 27 වැනිදා කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස විවෘත කළේ එවකට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසිනි.

ගුවන් තොටුපල විවෘත කිරීම සඳහා මාලදිවයින් ජාතික ගුවන් සමාගමට අයත් ගුවන් යානයක්ද කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබැස්සවීමට පියවර ගෙන තිබිණි.

ආණ්ඩුව ප්‍රකාශ කළේ මාලදිවයින් ගුවන් සේවයට අයත් ගුවන් යානා සතියකට ගුවන් ගමන් වාර 03 ක් කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ක්‍රියාත්මක කරන බවයි. ඒ හරහා මෙරට සංචාරක ක්ෂේත්‍රයට දැවැන්ත සේවයක් සිදුවනු ඇති බවද ආණ්ඩුවේ බළධාරීන් ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් මේ වනවිට මාලදිවයින් ගුවන් සේවයේ ගුවන් යානා කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණීම අත්හිටුවා තිබෙනවා.

මීට පෙර රටේ ජනතාවට දැවැන්ත සිහින පෙන්වමින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල, පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කළ අතර කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කළේ මෙරට සිව්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙසයි. කෙසේ නමුත් කටුනායක ගුවන් තොටුපල හැර වෙනත් කිසිදු ගුවන් තොටුපලක් මෙරට සංවර්ධනය සඳහා කිසිදු මැදිහත්වීමක් සිදු නොකරන බෝඩ් ලෑලිවලට පමණක් සීමා වූ, නමට පමණක් ජාත්‍යන්තර ගුවන් තොටුපල බවට පත්ව තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...