හීනටිගලගේ සටන්කාමී ඉනිමෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්..

රෂිකා හෙන්නායක ජූලි 09, කොළඹ LNW :

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම සංචාරක ඉන්දියානු කණ්ඩායම පරාජය කරමින් ලැබූ තීරණාත්මක එක්දින තරගාවලියේ හම්බන්තොටදී පැවති අවසන් තරගයේදී ඉන්දියාව ලබාදුන් ලකුණු 291ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම, එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට සමත් විය.

මෙහිදී චාමික හීනටිගල නොදැවී ලබාගත් ලකුණු 84 මෙම ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය වූ අතර, සෙනුජ වැකුණගොඩ සහ කෙත්ම විතානපතිරණ පිත්තෙන් විශිෂ්ට සහයක් ලබා දුන්හ.

තරගයේ අවසන් පන්දුවේදී වාර්තා වූ මෙම ජයත් සමග ශ්‍රී ලංකාව තරග 2-1ක් ලෙස තරගාවලියේ ශූරතාව හිමිකර ගත්තේය.

මෙම ජයග්‍රහණය තුළින් දේශීය යොවුන් ක්‍රීඩකයින්ගේ පීඩනය හමුවේ නොසැලී සිටීමේ හැකියාව මනාව පිළිබිඹු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...

Harry Brookගේ ඓතිහාසික එක්දින ද්විත්ව ශතකය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී...