ප්රවීන ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මිය අද (10) අභාවප්රාප්ත වී තිබේ.
අසනීප තත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අද අලුයම ඇය මෙසේ අභාවප්රාප්ත වී ඇති බව සඳහන්.
මියයන විට ඇය 68 වැනි පසුවූවාය.
කැන්ඩි ළමිස්සි, යොවුන් සිහින ලෝකේ, රහසයි සොඳුරු ජීවේ, සිහින නෙළුම් මල්, මුළු රැයක් පුරා වැනි, පහන් නොවන රැයක ඇවිද යන්න වැනි අතිශය ජනප්රිය ගීත රැසක් ඇය විසින් ගායනා කර ඇති අතර ප්රසංග වේදිකාවේ වේග රිද්ම ගීත ගායන ශිල්පිනියක් වශයෙන් ද ඇය කලක් අතිශයින්ම ජනප්රියව සිටියාය.


