2026 යල කන්නයේ වී මිලදී ගැනීම ජූලි 13 දින අම්පාර උහන ප්‍රදේශයෙන් ඇරඹේ

රෂිකා හෙන්නායක ජූලි 10, කොළඹ LNW :

2026 යල කන්නයේ රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී අදහස් දක්වමින් සඳහන් කෙරුණේ, වී අලෙවි මණ්ඩලය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව යන ආයතන මඟින් පමණක් 2026 යල කන්නයේ වී වගාව සහ ගොවි ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් රුපියල් මිලියන 46,006ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි.


ඒ අනුව,


· රජයේ සහතික මිලට වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය හරහා රුපියල් මිලියන 6,000ක්,
· පෞද්ගලික අංශය සඳහා වී මිලදී ගැනීමට ඔඩපණ ණය යෝජනා ක්‍රමය සඳහා රුපියල් මිලියන 10,000ක්,
· දිට්වා මඟින් වගා හානි වූ වී ගොවීන්ට වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 8,886ක්,
· දිට්වා මඟින් හානි වූ සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 5,788ක්,
· හෙක්ටයාරයකට රුපියල් 30,000 බැගින් පොහොර මූල්‍ය සහනාධාර ලබාදීම සඳහා රුපියල් මිලියන 13,492ක්, සහ
· රුපියල් 10,200 බැගින් මිල අඩු කර පොහොර ලබාදීම සඳහා රුපියල් මිලියන 1,840ක්
වෙන් කර ඇති බව දැනුම් දෙන ලදී.

ඉහත ප්‍රතිපාදනවල එකතුව පමණක් රුපියල් මිලියන 46,006ක් වේ.
තවද, 2026 යල කන්නයේ රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන ජූලි 13 දින අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රදේශයෙන් ආරම්භ කරන බවත්, එහිදී නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කට, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130කට සහ කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 140කට රජයේ සහතික මිල යටතේ මිලදී ගන්නා බවත් මෙහිදී ප්‍රකාශ කෙරිණි.
පසුගිය කාලසීමාවේ පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ වුවද, රජය ගත් කාලෝචිත ක්‍රියාමාර්ග හේතුවෙන් මෙවර යල කන්නයේ සාර්ථක අස්වැන්නක් අපේක්ෂා කරන බව ද මෙහිදී සඳහන් කෙරිණි.


මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකාර්මික පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ඒ. එල්. සන්දික මහතා, වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සහ වී අලෙවි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) එස්. එම්. සමන් පාලිත බණ්ඩාර මහතා සහභාගි වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...

Harry Brookගේ ඓතිහාසික එක්දින ද්විත්ව ශතකය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී...