රජය වැඩි මිලට වී අරන් පාඩුව දරාගන්න ඕනෑ – රත්න සහල් හිමිකරු කියයි

Date:

රජයේ මේ මොහොතේ නාඩු වී කිලෝවක් රුපියල් 150 බැගින් මිලට ගනිමින් එහි පාඩුව දරාගෙන ගොවියා රැකගත යුතු බව මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයකු වන නිව් රත්න සහල් ව්‍යාපාරයේ අධිපති මිත්‍රපාල ලංකේෂ්වර මහතා පවසයි.

“රජය මේ වෙලාවෙ 120 යි නාඩු, 125යි සම්බා, 130යි කීරිසම්බා කියලා වී මිල දාලා තියෙනවා. නමුත් අපි දන්නවා ගොවියාට යන වියදමත් එක්ක ඒ මිල මේ වෙලාවෙ මදි. ඉදිරි මාස් කන්නයේ ගොයම් කපලා මිල මොනවා හරි සංශෝධනය කරගන්නකල් මේ වෙලාවෙ අපි රුපියල් 150ක් විතර නාඩු වී සඳහා ගොවියාට දිය යුතුයි. එහෙම දීමෙන් තමයි අපට පුළුවන් වෙන්නෙ ගොවියා ඊළඟ මහ කන්නයේ කුඹුරට බස්සවාගන්න”

ප්‍රශ්නය – වී 150ට ගත්තොත් සහල් කිලෝ එකක් කීය ගාණේ විකුණන්න වෙයිද ?

“මම කියන්නෙ නෑ සහල් මිල වැඩිකරන්න කියලා. වී අලෙවි මණ්ඩලය හරහා රුපියල් 150ට වී කිරලා රජය ඒ සහල් විකුණන්න ඕනෙ. අපි කියමු රජය 220ට විකුණනවා කියලා. හාල් කිලෝ එකෙන් රුපියල් 30ක් හරි පාඩුවෙනවා කියන්නකො. රජය පාඩු විඳින්න ඕනෙ මේ වෙලාවෙ. එහෙම කළොත් තමයි අපට ගොවියා රැකගන්න පුළුවන් වෙන්නෙත්, පාරිභෝගිකයා රැකගන්න පුළුවන් වෙන්නෙත්”

ප්‍රශ්නය – ඔබතුමන්ලා කීය ගාණෙද වී ගන්න සූදානම් ?

“අපි 120 ට ගන්න සූදානම්. වී මිල වුණත් පසුගිය කන්න වලදී ඔයිට වඩා තරගකාරී මිල ගණන්වලට අපි ගන්නවානෙ. මේ සැරේ එහෙම ගන්න බැරි, එක පැත්තකින් වියදම වැඩියි. අනිත් පැත්තෙන් වී ගන්න බැංකුවලින් සල්ලි ගන්න ගියාම බැංකුවේ පොළියෙ වැඩියි. එතකොට හාලුත් 220 ට වැඩිය විකුණන්න බෑ පාලන මිලක් තියෙන නිසා”

නිව් රත්න සහල් හිමිකරු මිත්‍රපාල ලංකේෂ්වර මහතා මේ බව පැවසුවේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...