අපි ලෑස්තියි පැය 24ම වැඩකරන්න. රාජ්‍ය සේවකයිනුත් ලෑස්තිද ? – ඇමති ලාල්කාන්ත

රට වෙනුවෙන් පැය 24ම ස්වේච්ඡාවෙන් වැඩකිරීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සූදානමින් සිටින නමුත් රාජ්‍ය සේවකයින් බලා සිටින්නේ සවස 04.30 වනවිට ආයතනවලින් පිටත්ව යාමට බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“අපේ රාජ්‍ය සේවය ආණ්ඩුව වගේ නෙවෙයි. මම උදාහරණ කීපයක් කියන්නද ? රාජ්‍ය සේවයට එහෙම කරන්නත් බෑ … අපි ලෑස්තියි පැය 24ම වැඩකරන්න රට වෙනුවෙන්, රාජ්‍ය සේවය කැමතිද ? අපි ලෑස්තියි රට වෙනුවෙන් පැය 24ම වැඩකරන්න. අපි දැනුත් වැඩකරනවා. රාජ්‍ය සේවය කැමතිද ? දැන් අපේ රාජ්‍ය සේවයේ කාර්යාලවල හවස හතරහමාර ළඟයි කියලා හිතන්නකො. තව දහ දෙනෙක් ඉන්නවා කියන්නකො ප්‍රශ්න ටිකක්. තව පැය බාගයක් ඉඳලා ෆයිල් දහයක් බලලා අත්සන් දහයක් ගැහුවාම දහ දෙනෙක්ගේ ප්‍රශ්න ඉවරයි. නමුත් කරනවාද ? කරන්නෙ නෑ … – කරන අයත් කලාතුරකින් ඇති. ඒ අයට අපේ ගෞරවය. – හතරහමාරට ඇඟිල්ල ගහලා කියනවා ලබන සතියේ එන්න කියලා. ඒවාත් අපේ රාජ්‍ය සේවය හිතන්න ඕනෙ. මොකද රට හදන්න එපැයි. හදාගත්තොත් කාටද ? දැන් මේගොල්ලො කියයි ලාල්කාන්ත පැය අටේ සේවය අහෝසි කරන්න යන්නෙ කියලා. ඒ ජාතියේ පච කෙළින එවුන්නේ මුං. හරි ? දැන් කියයි පැය අටේ සේවය අයින් කරන්න යන්නෙ කියලා. නෑ … ස්වේච්ඡාවෙන් … අපේ සේවය පැය 8 තමයි. රයිට්, ඕකේ. කැමැත්තෙන් පුළුවන්නෙ යමක් කරන්න ?”

කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර පැවති උත්සවයකදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...