හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න සියදිවි හානි කරගනී ?

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

ඔහු අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි තම නිවසේදී වෙඩිතබාගෙන සියදිවි නසාගෙන ඇති බව සඳහන්.

වෙඩිවැදී සිටි ඔහුව අද (17) උදෑසන මුල්ලේරියාව රෝහලට රැගෙන ගියත් රෝහලට ඇතුළත් කරන මොහොත වනවිටත් ඔහු මියගොස් සිටි බවයි රෝහල් ආරංචිමාර්ග පැවසුවේ.

සී.ඩී. වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පති වශයෙන් පත්කරන ලද්දේ 2019 වසරේදී පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසුව ය. 2020 2020 නොවැම්බර් 25 වන දින ඔහුව පොලිස්පති තනතුරේ ස්ථිර කෙරුණු අතර 2023 නොවැම්බර් 25 වනදා විශ්‍රාම යනතුරුම ඔහු පොලිස්පතිවරයා වශයෙන් සේවය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...