රෂිකා හෙන්නායක ජූලි 17 කොළඹ LNW :
“Threads of Inclusion Woven from Every Walk of Life ” යන තේමාව යටතේ, විවිධත්වය, නිර්මාණශීලීත්වය සහ කාන්තා සවිබල ගැන්වීම සමරමින් ‘සිලෝන් චේම්බර් ඔෆ් විමෙන් එන්ට්රප්රනියර්ස්’ (CCWE) ආයතනය විසින් සංවිධානය කරන ලද ‘ෆැෂන් වීක් 2026’ (Fashion Week 2026) වැඩසටහන අද (17) ආරම්භ විය.

සාමූහිකත්වය, නවෝත්පාදනය සහ කාන්තා ව්යවසායිකාවන් සතු විශිෂ්ට දක්ෂතා ප්රදර්ශනය කරන වේදිකාවක් ලෙස විලාසිතා කලාව ඉස්මතු කරන මෙම වැඩසටහන එළඹෙන ඉරිදා (19) දක්වා පැවැත්වේ.










