රෂිකා හෙන්නායක ජූලි 19, කොළඹ LNW :
NSBM හරිත සරසවිය සිය විධායක නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කළ වෘත්තීය සංවර්ධන වැඩසටහනක් දියත් කළ අතර, මෙහි ප්රධාන අරමුණ වූයේ ආයතනික සාර්ථකත්වය උදෙසා කණ්ඩායම් හැඟීම සහ නායකත්ව කුසලතා වර්ධනය කරගැනීමයි.
සියැට් කැළණි හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමේ ප්රධාන මෙහෙයුම් නිලධාරී , ප්රවීණ කළමනාකරණ උපදේශක ශමාල් ගුණවර්ධන මහතා විසින් මෙහෙයවනු ලැබූ මෙම සැසිය, ප්රායෝගික ක්රියාකාරකම් සහ අත්දැකීම් බෙදාහදා ගැනීම්වලින් සමන්විත විය.

සරසවියේ සියලුම අංශ නියෝජනය කරමින් සහභාගී වූ නිලධාරීන්ට තම මෙහෙයුම් විශිෂ්ටත්වය ඉහළ නංවා ගැනීමට මෙහිදී මනා මගපෙන්වීමක් ලැබුණි.
අඛණ්ඩ ඉගෙනුම දිරිමත් කරන සංස්කෘතියක් ගොඩනැගීමට විශ්වවිද්යාලය දක්වන උනන්දුව මෙවැනි වැඩසටහන් හරහා මනාව පිළිබිඹු වේ.
මෙමගින් සේවකයන් අතර ඵලදායී සහයෝගීතාවය වර්ධනය කිරීම කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කර ඇත.



