යේමනයේ හූති කැරලිකරුවන් වහාම ක්‍රියාත්මක වන පරිදි සෞදි අරාබියට නාවික ගමනාගමනය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරානයට සමීප යේමනයේ හූති (Houthi) ව්‍යාපාරය සෞදි අරාබියට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි නාවික අවහිරයක් (Maritime Blockade) ප්‍රකාශයට පත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

හූති සංවිධානයේ හමුදා ප්‍රකාශක යහ්යා සරී (Yahya Saree) ප්‍රකාශ කර තිබුණේ, යේමනයට එරෙහිව සෞදි අරාබිය ක්‍රියාත්මක කර ඇති බවට ඔවුන් චෝදනා කරන “අවහිර කිරීම” සඳහා ප්‍රතිචාරයක් ලෙස මෙම තීරණය ගත් බවයි. එමෙන්ම, “ඇසට ඇසක්” යන ප්‍රතිපත්තිය අනුව සෞදි අරාබියට සම්බන්ධ නාවික ගමනාගමනය ඉලක්ක කරන බවද ඔහු සඳහන් කර ඇත.

මෙම ප්‍රකාශයත් සමඟ රතු මුහුදට පිවිසෙන බාබ් අල්-මන්දෙබ් (Bab al-Mandeb) සමුද්‍ර සන්ධිය පිළිබඳ ආරක්ෂක අවදානම් යළිත් ඉහළ ගොස් ඇති අතර ලෝකයේ තෙල් සහ වෙළෙඳ භාණ්ඩ ප්‍රවාහනය සඳහා අතිශය වැදගත් නාවික මාර්ගයක් වන අතර, එහි ඇතිවන බාධා ගෝලීය බලශක්ති වෙළෙඳපොළට සහ නාවික ප්‍රවාහනයට බලපෑම් ඇති කළ හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මේ අතර, සෞදි අරාබිය මෙම ප්‍රකාශය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන ක්‍රියාවක් ලෙස හෙළා දැක ඇති අතර, වාණිජ නෞකා ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව දන්වා තිබේ. මෙම නව වර්ධනය මැදපෙරදිග තුළ දැනටමත් උණුසුම් වී ඇති ආරක්ෂක අර්බුදය තවත් උත්සන්න කළ හැකි අතර, ගෝලීය තෙල් මිල සහ ජාත්‍යන්තර නාවික වෙළෙඳාම කෙරෙහිද සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බවට විශේෂඥයන් අනතුරු අඟවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...