බැසිල්ගේ වරෙන්තුව දීර්ඝ වෙයි!

කොළඹ LNW:මාතර, එළියකන්ද පාර, බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් රුපියල් මිලියන හැටකට මිලදී ගැනීම සම්බන්ධයෙන් වු නඩුවට දෙවෙනි වරටත් පෙනී නොසිටීම හේතුවෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා පැනවූ වරෙන්තු අද (21) නැවතත් දීර්ඝ කර තිබේ.

තවද සැකකාර හිටපු අමාත්‍යවරයාගේ ඇපකරුවන් සිව්දෙනාට අවවාද කළ මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කරවන ලෙසත් එසේ නොවන්නේ නම් ඇප මුදල් රාජසන්තක නොකිරීමට හේතු දක්වන්නැයි ඇපකරුවන්ට මහෙස්ත්‍රාත්වරයා දැඩි ලෙස අවවාද කර ඇත.

මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඉදිරියේ අද (21) මෙම නඩුව කැදවූ අවස්ථාවේ දී මෙම නියෝග ලබා දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...