‘මියගිය සෑම ඇමෙරිකානු සෙබළෙකු වෙනුවෙන්ම ඉරානය වන්දි ගෙවිය යුතුයි’ ට්‍රම්ප් ඉරානයට එරෙහිව නව ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඇමෙරිකා එක්සත් ජනපදය අද(21) නැවත වරක් ඉරානයේ දකුණු ප්‍රදේශවල පිහිටි හමුදා ඉලක්ක රැසකට එරෙහිව යළිත් ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාර මාලාව ඇමෙරිකානු සෙබළුන් මියයාමෙන් පසු එල්ල කළ ප්‍රතිප්‍රහාරවල නවතම අදියර ලෙස සැලකේ.

වාර්තා අනුව, ඉරානයේ චාබහාර් (Chabahar), කොනාරක් (Konarak) සහ බන්දර් අබ්බාස් (Bandar Abbas) ආශ්‍රිත ප්‍රදේශවල පිහිටි මිසයිල පද්ධති, ගුවන් ආරක්ෂක පද්ධති, නාවික හැකියාවන් සහ හමුදා විධාන මධ්‍යස්ථාන ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කර තිබේ. ඉරාන මාධ්‍ය එම ප්‍රදේශවල දැඩි පිපිරීම් වාර්තා කළද, හානි පිළිබඳ නිල තොරතුරු මෙතෙක් නිකුත් කර නැත.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේතිබුනේ, ඉරාන ප්‍රහාරවලින් මියගිය සෑම ඇමෙරිකානු සෙබළෙකු වෙනුවෙන්ම ඉරානය වන්දි ගෙවීමට සිදුවන බවයි.

පසුගිය දින කිහිපය තුළ ඉරානය වීසින් ජෝර්දානයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරකට එල්ල වූ ඉරාන මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාරවලින් ඇමෙරිකානු සෙබළුන් කිහිපදෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ. එම සිදුවීමෙන් අනතුරුව දෙරට අතර ගැටුම් තවත් උත්සන්න වී ඇති අතර, මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය දැඩි අවදානම් මට්ටමකට පත්ව ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මේ අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත නාවික ගමනාගමනයද දැඩි බලපෑමකට ලක්ව ඇති අතර, කලාපීය ආතතිය ඉදිරි දිනවල තවදුරටත් වර්ධනය විය හැකි බවට ජාත්‍යන්තර ප්‍රජාව අවධානයෙන් පසුවෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...