අද(28) කාලගුණය : ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක්!

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW :

සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි අතර, අද දින (28) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තවද, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යාපනයේ රුපියල් මිලියන 38ක විදේශීය කංසා වැටලීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂකයින්ට ව්‍යාජ බඳවා ගැනීමක් පිළිබඳව SLBFE ආයතනය අනතුරු අඟවයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ඊශ්‍රායලයේ නොමිලේ රැකියා...