පොලිස් නිලධාරීන් පිරිසක් සමග ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක් නියම කර තිබේ.
ඒ එම නඩුවේ තීන්දුව ප්රකාශයට පත්කිරීම සඳහා අද (28) බදුල්ල මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.
2019 වසරේදී බණ්ඩාරවෙල නගරය ආසන්න ඇතිවූ මෙම ගැටුමට අදාළව අයුතු අවහිරය, පොලිස් නිලධාරීන්ට දෙදෙනෙකුට තර්ජනය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වරදකරු බවට තීරණය කෙරුණු ඔහුට මෙසේ සිරදඬුවම් නියම කෙරිණි.


