ගල් අඟුරු ඉක්මනින් නොගෙනාවොත් ඔක්තෝබර් අග සිට දවසින් බාගයක් කළුවරේ – ජනක (VIDEO)

ඉතාම කඩිනමින් මෙරටට ගල් අඟුරු ආනයනය කිරීමට කටයුතු නොකළහොත් ඔක්තෝබර් අවසන් සතිය වනවිට පැය 10 – 12 ක විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇති බවට මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අනතුරු හඟවයි.

“දැනට අපට තියෙන ගල් අඟුරු සංචිත ප්‍රමාණය මෙට්‍රික් ටොන් 250,000ක් පමණ තියෙන්නෙ. දවස් 50කට වගේ ඇති සංචිත ප්‍රමාණයක්. අපි අද හෙටම ගල් අඟුරු ආනයනය නොකළොත් එහෙම අපට සිදුවෙනවා ඔක්තෝබර් 28 වෙනිදායින් පස්සේ වගේ මේ නොරොච්චෝලේ සියලුම විදුලි ජනන යන්ත්‍ර අක්‍රිය කිරීමට. ඒකට මූලික හේතුව වෙලා තියෙන්නෙ ගල් අඟුරු ලබාගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී අඩුම ලංසුව ඉදිරිපත් කරනු ලැබූ බ්ලැක් සෑන්ඩ්ස් කොමොඩිටීස් කියන සමාගමට ඒක ප්‍රදානය කිරීමේදී කිසියම් වූ පාර්ශ්වයක් මේ පිළිබඳ මූලික අයිතිවාසිකම් කඩවුණා කියලා උසාවියට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේ ටෙන්ඩර් එකට සම්බන්ධ නොවුණ තුන්වන පාර්ශ්වයක් මගින් විශාල ක්‍රියාදාමයක් අරන් යනවා මේ ගල් අඟුරු සම්පාදනය කරගැනීමේ ක්‍රියාවලිය කඩාකප්පල් කරලා තමන්ට ඒ ගල් අඟුරු ඇනවුම ලබාගැනීම සඳහා. ඔක්තෝබර් අන්තිම සතිය වෙනකොට අපට ගල් අඟුරු ප්‍රමාණය ක්ෂය වුණාම අපට ගල් අඟුරු නැතුව මේ ජනන යන්ත්‍ර තුනම වහන්න වුණොත් අපට අඩුම තරමේ පැය 10 – 12ක විදුලි කප්පාදුවකට යාමට සිදුවෙනවා. ඒකට හේතුව තමයි අපට විදුලි ප්‍රමාණයෙන් 35% – 40% පමණ නිපදවන්නේ ගල් අඟුරුවලින්”

ජනක රත්නායක මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...