දේශපාලනයට එනවාද, නැද්ද ? – දමිතාගේ තීරණය (VIDEO)

Date:

දේශපාලනයට පැමිණෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තමන්ටත් තීරණයක් ගැනීමට සිදුවනු ඇති බව අරගලයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිනියක වූ ජනප්‍රිය නිළි දමිතා අබේරත්න මහත්මිය පවසයි.

“දේශපාලනයට එන්න කවදාවත් සිතුවිල්ලක් තිබුණෙ නෑ. මට මේ වෙච්ච අසාධාරණය … මේ රටේ මට දැනෙනවා ස්වාධීන මනුස්සයෙක් විදියට අපට නැගිටින්න නැගිටින්න ඔළුවට ගහන රටක්. සත්‍යය වෙනුවෙන් පෙනී හිටින්න බැරි, සත්‍යය කතා කරන තැන්වලදී අපට ඔළුවට ගහලා, පාගලා, කුඩු පට්ටං කරන්න හදන රටක්. එතකොට පාට පක්ෂ එක්ක හිටගත්ත බොහෝ දෙනෙක්ව රැකෙනවා. මං කියන්නෑ ඒක හරි කියලා. හැබැයි හෙට දවසේ දේශපාලනයට එනවාද නැද්ද කියලා මටත් තීන්දුවක් ගන්න වේවි මේ යන විදියට. ඒ තීන්දුව ගන්න වුණොත් මම හිටගන්නේ කොහෙද කියලා මම තීන්දුවක් ගනීවි හරිම, සාධාරණම තැනක හිටගන්න. සමහරවිට මම තවම තීන්දුවක් අරගෙන නෑ, හෙට දවසේ මම එහෙම තීන්දුවක් ගනීවි මේ යන විදියට”

දමිතා අබේරත්න මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (22) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (30) දවසේ කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී සබරගමුව, මධ්‍යම...

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්ත වර්ජනයකට දින නියම කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කිරීමට...

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා අත්අඩංගුවට...