රටම එකට ජාතික මෙහෙයුම: රේගුවෙන් පමණක් බිලියන 4.5ක විෂ මත්ද්‍රව්‍ය අල්ලයි!

කොළඹ LNW:රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ කළ 2025 ඔක්තෝබර් 30 දින සිට 2026 ජුලි මාසය වන තෙක් කාලය තුළ ශ්‍රී ලංකා රේගුව විසින් විෂ මත්ද්‍රව්‍ය වැටලීම් 55 ක් සාර්ථකව සිදු කර මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 396 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව අද (30) “රටම එකට” ජාතික මෙහෙයුම – ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

එම මත්ද්‍රව්‍ය තොගයේ මුළු වටිනාකම රුපියල් බිලියන 4.5 ක් පමණ බව සඳහන්.

මේ අතරින් ආසන්නතම වැටලීම් සලකා බලන විට 2026 ජුලි මාසය තුළ පමණක් වැටලීම් 5 ක් මගින් කිලෝ ග්‍රෑම් 25.4 ක විෂ මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වී ති⁣බේ.

මෙම මාධ්‍ය හමුවට රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා, ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, නුවන් අබේනායක යන මහත්වරුන් සහභාගී විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...