හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිවිල් සමාජ ක්රියාකාරී ශාන් ගනේගොඩ විසින් ලබාදුන් දුරකතන ඇමතුමක් සම්භන්ධව සිවිල් සංවිධාන ක්රියාකාරීන් පිරිසක් විසින් එම දුරකතන ඇමතුමට විරුද්ධව නීතිමය ක්රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව ඔවුන් පවසන්නේ ,සිවිල් සමාජ ක්රියාකාරී ශාන් ගනේගොඩ විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තර්ජනාත්මක අයුරින් අමතමින්, ඔහුගේ විශ්රාම වැටුප් පිළිබඳව විමසමින් රාජපක්ෂ මහතාව දැඩි අපහසුතාවයකට පත් කර ඇති බවයි.


