කොළඹ LNW: චෙම්මනි සමූහ මිනී වලේ සත්‍ය හෙළිකර යුක්තිය ඉටු කරන ලෙස බලකරමින් අද (30) පස්වරුවේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විය.
එය සංවිධානය කර තිබුණේ ”යුක්තිය උදෙසා මහජනතාවගේ බලය” සංවිධානය විසිනි.
තවදුරටත් රාජ්‍ය අපරාධ වසා දැමීම නැවතිය යුතු බවයි එහිදී අවධාරණය කෙරුණේ.
අයෙකුට යුක්තිය අහිමි කොට තවත් අයෙකුට යුක්තිය දිනාගත නොහැකි බව එහිදී පෙන්වා දෙන ලදී.
චෙම්මනි සමූහ මිනි වලේ කැණීම් අදියර වශයෙන් ක්‍රියාත්මක වන අතර මේ වන විට ක්‍රියාත්මක වන්නේ එහි තුන්වන අදියරයි. මේ වන විට කැණීම් කටයුතු සිදු නොවන අතර එළඹෙන අගෝස්තුවේදී නැවත එහි කැණීම් ආරම්භ කිරීමට නියමිත බව සඳහන්.
මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු කණ්ඩායමක් විසින් එම කැණීම් කටයුතු සිදුකරනු ලබයි.
මේ වන විට එම ස්ථානයෙන් මිනිස් ඇටසැකිලි 480ක් සොයා ගෙන තිබේ.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න













