නොවැක්ට අධිකරණයෙන් බේරුණත් ඇමතිගෙන් බේරෙන්න බැරි වෙයිද?

Date:

කොවිඩ් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව අනුගමනය කරන ප්‍රතිපත්තිවලට පටහැනිව ඕසට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගි විමට පැමිණි ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජාකොවික්ගේ වීසා අවලංගු කිරීමට එරට බලධාරීන් ගත් තීන්දුව ඕස්ට්‍රේලියානු අධිකරණයම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

නොවැක් කොවිඩ් වැක්සින් ක්‍රියාවලියට එකඟ නැති අයෙක් වන අතර ඔහු එය ඕස්ට්‍රේලියානු අධිකරණයේදී ද තහවුරු කරමින් තමන් කොවිඩ් එන්නත ලබා නොගත් බව ප්‍රකාශ කරා.එහෙත් ඔහු අදාළ පරීක්ෂණ සහ සෞඛ්‍යමය වශයෙන් ඕස්ට්‍රේලියාව බලාපොරොත්තු වන අනෙකුත් ලිපි අධිකරණය හමුවේ ඉදිරිපත් කරමින් කරන ලද කරුණු සැළකිල්ලට ගනිමින් ඔහු විසින් පිටමං කිරීම වැළක්විම සඳහා ඉදිරිපත් කළ කරුණු පිළිගත්තා.

අධිකරණ තීන්දුව ලැබුණත් ආගමන විගමන අමාත්‍යවරයා තවමත් එයට අනුමැතිය ලබා නොදි නොවැක් සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනයක යෙදී සිටිනවා.ඊට හේතු වී ඇත්තේ නොවැක් ඉදිරිපත් කරන ලද ලියැවිලි සම්බන්ධයෙන් ආගමන විගමන අංශයට ඇති සැකයයි.ඔහු සම්බන්ධයෙන් වාර්තා වී ඇති කරුණු සහ ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබෙන කරුණු අතර ඇති පරස්පරතාවයන් සැළකිල්ලට ගනිමින් ආගමන විගමන අමාත්‍යවරයා තව දුරටත් නොවැක්ට ඕසට්‍රේලියාවට ඇතුල්වීමට දිය හැකිදැයි යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටිනවා.

කුමන තරාතිරමක අයෙක්ට හෝ රටේ කොවිඩ් නීතිය ඉක්මවා තමන්ගේ බලය හෝ ජනප්‍රියතාවය යොදාගෙන ඕස්‍ේ‍ර්ලියානු රජයේ ප්‍රතිපත්තිමය කාරණ අභිබවා යා නොහැකි බව නොවැක් සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කරන ආකාරයෙන් පැහැදිළි වෙනවා.ක්‍රීඩාව සම්බන්ධයෙන් නොවැකි ක්‍රීඩා නොකිරීම සම්බන්ධයෙන් කණගාටුවක් ඇතත්,ඕස්ට්‍රේලියානු රජය සිය ප්‍රතිපත්තිමය කාරණා මත නොවෙනස්ව රැඳෙමින් කරනු ලබන පරීක්ෂණ ක්‍රියාවලිය ශ්‍රි ලංකාව වැනි රටක කොවිඩ් නීතිය ක්‍රියාත්මක වූ ආකාරය හා සසඳද්දි ඉතා ඉහළයි.

චීන කොමියුනිස්ට් පක්ෂ ලේකම්වරයා පැමිණි අවස්ථාවේ ඒ වන විට පැවති කොවිඩ් නීති අනුව කටයුතු නොකිරීම ගැන එවකට සිටි සෞඛ්‍ය ඇමතිණිය පැවසුවේ කොමියුනිස්ට් පකෂ ලේකම්වරයා වැනි බලවත් පුද්ගලයෙක් එසේ පරික්ෂා කළ නොහැකි බවකුයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...