පාර්ලිමේන්තු කෑම පිළිබඳ පැමිණිලි රැසක් – අද මාධ්‍යවේදීන්ට ගෝනි නූල් එක්ක බත් දීලා

Date:

පාර්ලිමේන්තු කටයුතු වාර්තා කිරීම සඳහා පැමිණෙන මාධ්‍යවේදීන් වෙත ලබාදෙන ආහාර සම්බන්ධයෙන් ගැටලු රැසක් මතුව තිබේ.

අද දිනයේදී එක් මාධ්‍යවේදියෙකුට ලබාදුන් බත්පතෙහි තිබී ගෝනි නූලක් හමු වී තිබෙනවා. මෙය අඩියක පමණ දිගකින් යුක්ත බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීමත් සමග මාධ්‍යවේදීන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර භෝජන අංශයේ ප්‍රධානීන් වෙත පැමිණිලි කර තිබෙනවා.

ඊයේ දිනයේදී ලබාදුන් ඇතැම් ආහාර පිළුණු වී තිබූ බවද මාධ්‍යවේදීන් පවසනවා.

මේ අතර පෙරේදා දිනයේදී පාර්ලිමේන්තුවෙන් ලබාදුන් ආහාර විෂවීම හේතුවෙන් පොලිස් නිළධාරීන් දෙදෙනෙක් දැඩිලෙස ගිලන් වූ අතර පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ මූලික ප්‍රතිකාරවලින් පසුව ඔවුන් දෙදෙනා නාරාහේන්පිට පොලිස් රෝහල වෙත ඇතුළත් කර තිබිණි.

අදාල සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාගේ නියමයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සැමරුම අද කොළඹ රුසියානු මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW:කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවයේ විසි...

බටර් පාරක් ගාලා ගෝල්ඩ් කාඩ් එකක් ෆ්‍රී ගත්ත නිකී! 

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): ලෝකයම රැප් ගායනයෙන්...

ඩොලර් නොට්ටු 20 ක් නැහැ එක විස්සෙ නෝට්ටුවයි – අතිරේක විනිසුරුගේ නිවස බිදීම ගැන පොලීසිය කියයි

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: කළුතර අතිරේක දිසා විනිසුරුවරියගේ...