විනිසුරු විශ්‍රාම වයස වැඩිකරන විසිදෙවැනි සංශෝධනයට නීතිපතිවරයාගේ අනුමැතිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය ඉදිරිපත් කිරීමට නියමිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

මෙම ව්‍යවස්ථා සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ද වැඩිකෙරෙනු ඇත.

එමෙන්ම මීටම සමගාමීව 1983 අංක 35 දරන අධිකරණ සංවිධාන පනත ද සංශෝධනය කිරීම හරහා මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා ද, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 දක්වා ද ඉහළ නැංවීමට නියමිත බව සඳහන්.

අදාළ පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිවීමත් සමග එය ඉදිරියේදී රජයේ ගැසට් පත්‍රයේ පළකෙරෙනු ඇති අතර එයින් සතියකට පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...