මහර බන්ධනාගාර ගැටුම : රුපියල් කෝටි 15ක දේපොළ හානියක්

රෂිකා හෙන්නායක අගෝස්තු 02 , කොළඹ LNW :

මහර බන්ධනාගාරයේ හටගත් ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තාව සහ ඉන් සිදු වූ දේපොළ හානිය ඉතා දඎණු තත්ත්වයක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මත්ද්‍රව්‍ය හිඟකම හේතුවෙන් හටගත් මෙම ගැටුමෙන් රුපියල් කෝටි 15කට අධික පාඩුවක් සිදුව ඇති අතර, එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පිරිසක් තුවාල ලබා ඇත.

කලහකාරී පිරිස් බන්ධනාගාර ගොඩනැගිලිවලට ගිනි තබා තාප්ප බිඳ දමා පලායාමට උත්සාහ කර ඇති බව වාර්තා විය.

තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව වගකිවයුතු රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට බලධාරීන් පියවර ගෙන තිබේ. ප්‍රධාන සැකකරුවන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් දැනටමත් ආරම්භ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...