සටහන – රුවන් නෙළුගොල්ල
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.
ඒ අනුව 2006 වසරේ සැප්තැම්බර් මස 01 වනදා සහ 2007 වසරේ ජූනි මස 08 වනදා අතර කාලසීමාව තුළ ශ්‍රි ලංකා නාවික හමුදාවේ හමුදාපති වශයෙන් කටයුතු කරමින් යෝෂිත රාජපක්ෂ නමැති විත්තිකරු අයුතු සහගත ලෙස බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ Royal navy young officers course පාඨමාලාව සඳහා සහභාගී වීමට අවස්ථාව සලසා දීම ඔස්සේ රජයට පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයාට චෝදනා කර ඇත.
එම ක්‍රියාව තුළින් අයුතු ලාභයක් ලබාගැනීම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂට චෝදනා කර ඇති බව සඳහන්.
මෙම සිදුවීමට අදාළව විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් චෝදනා 08ක් ගොනුකර ඇති අතර එම අධිචෝදනා භාරදීම සඳහා ඉදිරියේදී කොළඹ මහාධිකරණය විසින් විත්තිකරුවන්ට සිතාසි නිකුත් කෙරෙනු ඇත.


