රෂිකා හෙන්නායක අගෝස්තු 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ජපන් යෙන් අගය රැකීමට ඇමරිකාවෙන් හා ජපානයෙන් හවුල් මැදිහත්වීමක්
ජපාන යෙන් අගය වසර 40 කින් අවම මට්ටමට වැටීම ජපානයට පමණක් සීමා වූ මූල්‍ය අර්බුදයක්ද? නැතිනම් එය සමස්ත ලෝක ආර්ථිකයේම අස්ථාවරත්වයට මග පාදන පෙරනිමිත්තක්ද? ජපානය සහ ඇමරිකාව එක්ව මෑතකදී ගත් “දුර්ලභ” සහ තීරණාත්මක මූල්‍ය මැදිහත්වීම මගින් මේ ප්‍රශ්නයට පිළිතුරු සපයා ඇත. යෙන් අගය තවදුරටත් අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා ලෝකයේ ප්‍රබලතම ආර්ථිකයන් දෙකක් එක්ව ගත් මෙම පියවර, ගෝලීය මූල්‍ය වෙළඳපොළ දැඩි ලෙස කැළඹීමට සමත් වූ සුවිශේෂී සිදුවීමකි.
වසර 15 කට පසු සිදු වූ දුර්ලභ මිත්‍රත්වයේ දෑත් දිගු කිරීම

මෙම ඒකාබද්ධ මැදිහත්වීම සුවිශේෂී වන්නේ එය 2011 වසරේ ජපානයේ සිදු වූ දරුණු භූමිකම්පාවෙන් පසු, යෙන් අගය පාලනය කිරීම සඳහා ජපානය සහ ඇමරිකාව එක්ව ක්‍රියා කළ පළමු අවස්ථාව වන බැවිනි. කෙසේ වෙතත්, 2011 වසරේ සිදු වූ මැදිහත්වීම යෙන් අගය "දුර්වල කිරීම" (weaken) සඳහා වූ අතර, මෙවර මැදිහත්වීම සිදු වූයේ ඉතිහාසයේ දක්නට නොලැබෙන අයුරින් යෙන් අගය "ශක්තිමත් කිරීම" (prop up) සඳහා වීම විශේෂත්වයකි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම පියවර හඳුන්වා දුන්නේ දෙරට අතර පවතින උපායමාර්ගික මිත්‍රත්වයේ සහයෝගීතාවයක් ලෙසය.
“ඔවුන්ට (ජපානයට) දුර්වල වන යෙන් අගයක් තිබෙනවා, ඔවුන්ට ඒ සඳහා සුළු උදව්වක් අවශ්‍ය වුණා. අපි සැමවිටම ජපානය වෙනුවෙන් සිටිනවා.” – ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්.
මෙම රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම පිටුපස ජපානයේ අභ්‍යන්තර දේශපාලන අස්ථාවරත්වය ද බලපා ඇත. යෙන් අගය දිගින් දිගටම පහත වැටීම නිසා ආනයන මිල ඉහළ ගොස් උද්ධමනය පාලනය කළ නොහැකි මට්ටමට පත්වීම හේතුවෙන් ජපාන අග්‍රාමාත්‍ය සානේ ටකායිචි (Sanae Takaichi) මහත්මියගේ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින අතර, මෙම මැදිහත්වීම ඇයගේ දේශපාලන ගමන් මගට ද තීරණාත්මක වේ.

ඇමරිකානු ඩොලර් බිලියන 59ක දැවැන්ත මෙහෙයුම
මෙම මැදිහත්වීමේ මූල්‍යමය පරිමාණය අතිමහත්ය. ජපාන මහ බැංකු දත්ත වලට අනුව, වෙළඳපොළෙන් යෙන් මිලදී ගෙන එහි අගය ඉහළ නැංවීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 58.97ක පමණ දැවැන්ත මුදලක් වැය කර ඇති බව සැලකේ.
මෙම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස : –
- යෙන් අගය ක්ෂණිකව සියයට 1.4 කින් ඉහළ ගියේය.
- ඇමරිකානු ඩොලරයකට සාපේක්ෂව යෙන් අගය 155.20 ක් ලෙස සටහන් විය.
මෙය වෙළඳපොළ සමපේක්ෂකයින්ට ලබා දුන් ප්‍රබල අනතුරු ඇඟවීමකි. මෙහි ඇති තවත් වැදගත් මූල්‍යමය අරමුණක් වන්නේ ජපාන රජයේ බැඳුම්කර අලෙවි වීම වැළැක්වීම හරහා ඇමරිකානු භාණ්ඩාගාර බැඳුම්කරවල පොලී අනුපාත (US Treasury Yields) අනවශ්‍ය ලෙස ඉහළ යාම පාලනය කර ගෝලීය මූල්‍ය ස්ථාවරත්වය රැක ගැනීමයි.
කොටස් වෙළඳපොළ සහ ගෝලීය මුදල් ඒකක කෙරෙහි බලපෑම
මෙම අනපේක්ෂිත මැදිහත්වීම ලෝකයේ අනෙකුත් ප්‍රධාන වෙළඳපොළවල් වලට ද සෘජුව බලපාන ලදී…
- නිකේ (Nikkei) දර්ශකය යෙන් අගය ශක්තිමත් වීමත් සමඟ ජපාන අපනයනකරුවන්ට ලාභාංශ අවදානමක් එල්ල වීම හේතුවෙන් නිකේ කොටස් වෙළඳපොළ දර්ශකය පහත වැටුණි.
- ගෝලීය මුදල් ඒකක ඇමරිකානු ඩොලරයේ අගය යම් දුර්වල වීමකට ලක් වූ අතර, යුරෝව ඩොලර් 1.1559 දක්වාත් (ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව), ස්ටර්ලින් පවුම ඩොලර් 1.3476 දක්වාත් (ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව) ඉහළ ගියේය.
- කලාපීය ප්‍රතිපත්ති සම්බන්ධීකරණය ජපානය ගත් මෙම පියවරට සමාන්තරව, දකුණු කොරියාව ද සිය මුදල් ඒකකය වන ‘වොන්’ (Won) අගය ආරක්ෂා කර ගැනීම සඳහා වෙළඳපොළට මැදිහත් වීම හරහා කලාපීය මූල්‍ය සහයෝගීතාවයක අවශ්‍යතාවය පෙන්නුම් කළේය.
පොලී අනුපාත සහ අනාගත අභියෝග
වෙළඳපොළට මුදල් මුදා හැරීම පමණක් මෙම අර්බුදයට ස්ථිර විසඳුමක් නොවන බව මූල්‍ය විශ්ලේෂකයින්ගේ මතයයි. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් (Scott Bessent) ජපාන මහ බැංකුවෙන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ සිය පොලී අනුපාත තවදුරටත් ඉහළ නංවන ලෙසයි.
බෙස්න්ට් සිය X ගිණුමේ මෙසේ සඳහන් කළේය….
"ජපානය සිය මුදල් ඒකකයේ අගය නිවැරදි කිරීමට ගන්නා තීරණාත්මක වෙළඳපොළ සහ මූල්‍ය පියවර අපි දැඩි ලෙස අනුමත කරනවා."
ජපාන මහ බැංකුව දැනටමත් සිය පොලී අනුපාතය වසර 31 කට පසු ඉහළම මට්ටම වන සියයට 1 දක්වා ගෙන ඒමට පියවර ගෙන ඇත. භාණ්ඩාගාර ලේකම්වරයාගේ ඉල්ලීම වන්නේ යෙන් අගය දිගුකාලීනව ස්ථාවර කිරීමට නම් මෙම පොලී අනුපාත තවදුරටත් ඉහළ නැංවිය යුතු බවයි.
ජපානය සහ ඇමරිකාව එක්ව ගත් මෙම ඒකාබද්ධ මැදිහත්වීම, ගෝලීය ආර්ථිකය අස්ථාවර වීම වැළැක්වීම සඳහා ගත් කාලෝචිත මෙන්ම දුර්ලභ පියවරකි. යෙන් අගය ඉහළ නැංවීමට ගත් මෙම උත්සාහය ජපානයේ උද්ධමනය පාලනය කිරීමටත්, එරට සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදම පහත හෙළීමටත් රුකුලක් වනු ඇත.


