*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

ස්ථාන 18 අධි ආරක්ෂිත කලාප කරයි – රතිඤ්ඤයක්වත් දල්වන්න තහනම් !

කොළඹ නගරයේ සැළකිය යුතු ප්‍රදේශයක් අධි ආරක්ෂිත කලාප බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම ගැසට් නිවේදනය අනුව පාර්ලිමේන්තු සංකීර්ණය හා ඒ අවට කලාපය, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අරලියගහ මන්දිරය, ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු උපරිමාධිකරණ සංකීර්ණය, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය, නීතිපති දෙපාර්තමේන්තුව, යුද හමුදා මූලස්ථානය, ගුවන් හමුදා මූලස්ථානය, නාවික හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය, ආරක්ෂ ලේකම්වරයාගේ හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිළ නිවාස යන ස්ථාන සහ ඒ අවට කලාප අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

මෙම නියෝග ක්‍රියාත්මක කිරීමේ කාර්යයන් සඳහා නිසි බළධරයා ලෙස ආරක්ෂක ලේකම්වරයා නම්කර ඇති අතර ඔහුගේ සහ බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අවසරයකින් තොරව අධි ආරක්ෂිත කලාපවල කුමන ආකාරයක හෝ පෙරහැරක් හෝ ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්විය නොහැක.

කිසිදු හේතුවක් මත රතිඤ්ඤා දැල්වීම හෝ වෙනත් ගිනිකෙලි දැල්වීමද සපුරා තහනම් වේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan