හැටන් ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටේ: කාන්තාවක් මරුට 3ක් අතුරුදහන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 03 , කොළඹ LNW :

මධ්‍යම කඳුකරයේ හැටන්, පොල්පිටිය ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් දරුණු අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ මෙම ස්වභාවික විපතින් එක් කාන්තාවක් මියගොස් ඇති අතර, තවත් පුද්ගලයන් තිදෙනෙකු අතුරුදන්ව ඇත.

අතුරුදන් වූවන් සොයා ගැනීම සඳහා මේ වන විටත් විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන බව පොලීසිය තහවුරු කරයි.

පවතින අයහපත් කාලගුණයත් සමඟ නායයෑම් අවදානම් සහිත කලාපවල වෙසෙන ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා ඉවත්වන ලෙස බලධාරීන් දැඩි ලෙස දැනුම් දී ඇත.

පස් කඳු කඩා වැටීමේ ඉහළ අවදානමක් පවතින බැවින් සැමවිටම විමසිලිමත්ව පසුවන ලෙස ආරක්ෂක අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...