කොළඹට වෙලා පම්පෝරි ගහන්න එපා, අපේ ළමයි කන හැටි බලන්න සූරියවැවට එන්න (Video)

Date:

සාමාන්‍ය ජනතාව මුහුණ දෙන අර්බුද විසඳීම වෙනුවට මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිළධාරීන් අර්බුද යට ගැසීමට කටයුතු කරමින් සිටින බව සූරියවැව ජනතාව පවසනවා. පාර්ලිමේන්තුවේදී, අමාත්‍යංශවලදී පම්පෝරි ගැසීම නවතා ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව අවබෝධ කර ගැනීමට ගම්වලට පැමිණෙන ලෙසයි එම ජනතාව ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ.

සූරියවැව ප්‍රදේශයේ දරුවන්ගෙන් 80% කට වඩා වැඩි ප්‍රතිශතයක් මන්දපෝෂණයෙන් පෙළෙන බව වෛද්‍ය වෘත්තිකයන්ගේ සංවිධානයක් පසුගියදා ප්‍රකාශ කළ අතර කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ එය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවයි.

ඇමතිවරයාගේ මෙම ප්‍රකාශයට විරෝධ්‍ය පළ කරමින් සූරියවැව ප්‍රදේශයේ මව්වරුන් පිරිසක් ඊයේ සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ...

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය බාගයකට කල් තබයි

අත් අඩංගුවට ගන්නා ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම...

රනිල්ගේ ඇප අයදුම්පත තවදුරටත් සලකා බලමින් ….

නිවැරදි කිරීමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප අයදුම්පත...