කොළඹට වෙලා පම්පෝරි ගහන්න එපා, අපේ ළමයි කන හැටි බලන්න සූරියවැවට එන්න (Video)

A hand drawn vector doodle illustration of people protesting about something, the blank protest board could be filled with text of your own choice.

සාමාන්‍ය ජනතාව මුහුණ දෙන අර්බුද විසඳීම වෙනුවට මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිළධාරීන් අර්බුද යට ගැසීමට කටයුතු කරමින් සිටින බව සූරියවැව ජනතාව පවසනවා. පාර්ලිමේන්තුවේදී, අමාත්‍යංශවලදී පම්පෝරි ගැසීම නවතා ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව අවබෝධ කර ගැනීමට ගම්වලට පැමිණෙන ලෙසයි එම ජනතාව ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ.

සූරියවැව ප්‍රදේශයේ දරුවන්ගෙන් 80% කට වඩා වැඩි ප්‍රතිශතයක් මන්දපෝෂණයෙන් පෙළෙන බව වෛද්‍ය වෘත්තිකයන්ගේ සංවිධානයක් පසුගියදා ප්‍රකාශ කළ අතර කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ එය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවයි.

ඇමතිවරයාගේ මෙම ප්‍රකාශයට විරෝධ්‍ය පළ කරමින් සූරියවැව ප්‍රදේශයේ මව්වරුන් පිරිසක් ඊයේ සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත විය.

UN