තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක් – ගුරුවරියක් මියයයි, සිසුන් කිහිපයකටත් තුවාල!

සටහන – පුලී

අගෝස්තු 07, LNW (කොළඹ): තායිලන්තයේ බැංකොක් නගරයට උතුරින් පිහිටි නොන්තබුරි පළාතේ බෑං ක්‍රුවායි (Bang Kruai) ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවෙකු විසින් අද (07) සිදු කළ වෙඩි තැබීමකින් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍යට අදහස් දක්වමින් නොන්තබුරි පළාත් පොලිස් ප්‍රධානී ලුතිනන් කර්නල් ඩෙච්‍රපී කොංඩී සඳහන් කළේ, වෙඩි තැබීම සිදු කළ සැකකාර සිසුවා පසුව සියදිවි නසාගෙන ඇති බවයි.

තුවාල ලැබූවන් අතර තවත් ගුරුවරියක් සහ සිසුන් තිදෙනෙකු සිටින බවද පොලිසිය පවසයි.

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳ තායිලන්ත පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...