ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට

සටහන – රුවන් නෙළුගොල්ල

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබේ.

ඒ අනුව, 2020 අගෝස්තු 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතාව නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමේ විශේෂ පොලිස් පණිවිඩය ඊයේ (07) දිනයේදී පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිකුත් කර ඇත.

තමන්ට 2020 වසරේ සිට හිමිවිය යුතුව තිබූ නියෝජ්‍ය පොලිස්පති තනතුර ලබානොදීමට එරෙහිව ශානි අබේසේකර මහතා විසින් පරිපාලන අභියාචනා විනිශ්ච්‍යාධිකාරයට ඉදිරිපත් කළ අභියාචනයක් දීර්ඝ ලෙස විභාග කර පසුගිය මැයි 13 වනදා ලබාදුන් තීන්දුවක් අනුව ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත මෙම උසස්වීම ලබාදී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...