රෂිකා හෙන්නායක අගෝස්තු 09, කොළඹ LNW:
පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ( 2,723 ) දිවයින පුරා මධ්‍යස්ථාන රැසකදී අද (09) දින පැවැත්වෙ නු ඇති.
මෙවර විභාගය සඳහා සිසුන් ලක්ෂ තුනකට ආසන්න පිරිසක් ( 294,089 ) සිංහල සහ දෙමළ මාධ්‍ය ඔස්සේ පෙනී සිටින බව සඳහන් වේ.
විභාග කොමසාරිස් ජනරාල්වරිය උපදෙස් දී ඇත්තේ දරුවන්ගේ මානසික ඒකාග්‍රතාවය වෙනුවෙන් නියමිත වේලාවට පෙර විභාග ශාලා වෙත පැමිණෙන ලෙසයි.
ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීමේදී අනුගමනය කළ යුතු කාලසටහන සහ නිවැරදි උපදෙස් පිළිබඳවද සැලකිලිමත්භාවයද වැදගත් බව බව පවසයි.
විභාග ශාලාව තුළට ඉලෙක්ට්‍රොනික උපකරණ හෝ වෙනත් සටහන් රැගෙන ඒම සපුරා තහනම් බවට දැඩි නීති රීති පනවා තිබේ.
සිසුන් තමන්ගේ විභාග අංකය නිවැරදිව සටහන් කරමින් පැහැදිලි අත්අකුරින් පිළිතුරු සැපයිය යුතු බවට අවධාරණය කර ඇත.

