කුසල්ට තනතුරක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 09, කොළඹ LNW :

ශ්‍රී ලංකා සීමිත ඕවර් ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස්, අලුතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමයේ (SLPCA) පළමු සභාපතිවරයා ලෙස තේරී පත්වී ඇත.

වනිඳු හසරංග සහ චමරි අතපත්තු ඇතුළු ප්‍රමුඛ පෙළේ ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති එම සංගමයේ සමාරම්භක මහා සභා රැස්වීමේදී මෙම පත්වීම තහවුරු කෙරිණි.

ශ්‍රී ලංකාවේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් ස්වාධීන සහ සාමූහික හඬක් නැගීම මෙන්ම, ඔවුන්ගේ අයිතිවාසිකම්, සුභසාධනය සහ වෘත්තීයමය අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීම මෙම නව සංගමයේ අරමුණයි.

වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින් නියෝජනය කරන ගෝලීය ආයතනය වන ‘ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගම් සම්මේලනය’ (FICA) සමඟ අනුබද්ධ වීමටද SLPCA කටයුතු යොදා ඇත.

මෙම සංගමය පිහිටුවීමත් සමඟ, ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ නවසීලන්තය වැනි ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් හා සම මට්ටමකට ශ්‍රී ලංකාවද පත්වන අතර, එම රටවල වෘත්තීය ක්‍රීඩක සංගම් දිගු කලක් තිස්සේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අවශ්‍යතා නියෝජනය කරමින් සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BJP සබඳතා තරකර ගැනීමට ටිල්වින් සිල්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දියාවට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු...

කථානායක ජගත්ට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග...

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...