විදේශීය සිගරට් 7,000ක් සමඟ 49 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 10, කොළඹ LNW :

පුත්තලම, මුල්ලිපුරම් ප්‍රදේශයේදී විදේශීය සිගරට් 7,000ක් සමඟ 49 හැවිරිදි පුද්ගලයෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වයඹ නාවික විධානයට අයත් ‘SLNS තාම්බපන්නි’ නෞකාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.

එම තොරතුරු මත පදනම්ව, ‘SLNS විජය’ නෞකාවේ නාවික හමුදා සාමාජිකයින් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්ව මුල්ලිපුරම් ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී, නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ බවට සැක කෙරෙන මෙම විදේශීය සිගරට් තොගය සොයා ගන්නා ලදී.

නොරොච්චෝලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු, වැඩිදුර නීතිමය කටයුතු සඳහා එම සිගරට් තොගය සමඟ අත්අඩංගුවට ගන්නා ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12ක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: පාකිස්තානයේ වයඹදිග Dera...

නාමල් නෑ කියලා නෑ. අපේ ගේම් වන්, ටූ, ත්‍රී, ෆෝ කියලා තියෙනවා. ඒ අනුව අපි වැඩ කරන් යනවා – ප්‍රසන්න

නාමල් රාජපක්ෂ මහතා සිරගතව සිටියත් ඒ මහතාගේ නායකත්වය යටතේ...

ට්‍රම්ප් ඉරානයේ දින 7ක යෝජනාව ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ්...

වැසි තත්වයේ වෙනසක් – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 27) දිනයේදී බස්නාහිර සහ...