චීන පොහොර නැව ප්‍රතික්ෂේප කළ මෙරට ශාඛ නිරෝධායන සේවයට එරෙහිව පරීක්ෂණයක් ! (VIDEO)

Date:

චීන කාබනික පොහොර නෞකාවේ අහිතකර බැක්ටීරියා අඩංගු නොවන බව සිංගප්පූරුවේ පරීක්ෂණයක් මගින් සනාථ වී ඇති නිසා එය මෙරටදී ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව කාබනික පොහොර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

“හිතකර පොහොර අපි සද්භාවයෙන් ඇනවුම් කළා. නමුත් යම් යම් කාරණා අපට අවශ්‍ය විදියට සිදුනොවුණු නිසා තමයි ඒ නැව අපි නැවත හැරෙව්වෙ. අපි වන්දියක් නෙවෙයි, පළවෙනි නැවට ගෙවන්න ඕනෙ මුදල් ප්‍රමාණය තමයි අපි ගෙව්වෙ.

ඇත්තම කතාව, අපි මෙහෙන් ආපහු යවපු නැව තියෙනවානෙ, ඒක හොඳටම සුදුසුයි කියලා සිංගප්පූරුවේදී ඔප්පු වුණා. ප්‍රශ්න ගොඩක් තියෙනවා මේක ඇතුළෙ. අපි නොදකින, ඔබතුමාලාත් ඒක දැන දැනම හොයන්නෙ නැති – ඕනෙකමක් නෑනෙ ? අපි ගැනනෙ හොයන්නෙ ? – ඒක ප්‍රශ්නයක් තියෙනවා. එක පැත්තක වැරැද්දක් වෙලා තියෙනවා. මොකද, මෙහෙදි ඒක නිවැරදි ලෙස හඳුනාගන්නෙ නැතිවෙන්නත් සිංගප්පූරුවෙදි ඒක නිවැරදි පොහොරක් ලෙස හඳුනාගන්නත් ලොකු ප්‍රශ්නයක් තියෙන්න ඕනෙ. අපි ඒ ගැනත් පරීක්ෂණයක් කරනවා මේ වෙනකොට”

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...