පාතාලෙට එරෙහි ක්‍රියාමාර්ග කිසිලෙසකින් පස්සට ගන්නේ නැහැ – ඇමති සුසිල් රණසිංහ

කොළඹ LNW:පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව ආණ්ඩුව විසින් ගෙනයන ක්‍රියාමාර්ග කිසිදු හේතුවක් මත ආපස්සට නොගන්නා බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

බන්ධනාගාරවල එක පෙළට සිදු වූ නොසන්සුන්කාරී තත්ත්වය සාමාන්‍ය එකක් නොවන බවත් ඒවා යම් කණ්ඩායමක ක්‍රියාකාරකම් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ආණ්ඩුව විසින් පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාලය මර්දනය කරමින් සිටින බවත් බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය ලැබීමද නවතා ඇති බැවින් එම ක්‍රියාවලියට ප්‍රතිචාර ලෙස මෙම නොසන්සුන්කාරී තත්වය උදා වී ඇති බව පවසන අමාත්‍යවරයා තවදුරටත් කියාසිටින්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හේතුවෙන් යම් කණ්ඩායමක් කලබල වී ආණ්ඩුවත් සමඟ වෛරයෙන් පසුවන බවයි.එම කණ්ඩායම ආණ්ඩුවට විරුද්ධව ගත හැකි සෑම පියවරක්ම ගනිමින් සිටන බවද අමාත්‍යවරයා පවසයි.

එම ක්‍රියාකාරකම්වලට ආණ්ඩුව කිසිදු ආකාරයකින් නොසැලෙන බවත් පාතාල සහ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම්වලට එරෙහි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අඩියක්වත් ආපස්සට නොගන්නා බවත් අමාත්‍යවරයා තවදුරටත් කියාසිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නල්ලූර් හි තිලීපන් ප්‍රතිමාව පොලීසිය ගලවාගෙන යයි

යාපනය, නල්ලූර් හි පිහිටි තිලීපන් ප්‍රතිමාව අද (27) අලුයම...

රුසියානු හා ජර්මානු විදේශ ඇමතිවරු වසර හතරකට පසු මුල් වරට හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: රුසියානු විදේශ අමාත්‍ය...

පාකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12ක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: පාකිස්තානයේ වයඹදිග Dera...