සටහන – රුවන් නෙළුගොල්ල
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) අතර විශේෂ සාකච්ඡාවක් හෙට (12) ප.ව. 01.00 ට පැවැත්වීමට නියමිතව තිබේ.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත ය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය අධිකරණ අමාත්‍යවරයා හරහා කරන ලද ඉල්ලීමක් අනුව ජනාධිපතිවරයා විසින් මෙම සාකච්ඡාව ලබාදී ඇත.


